ප්‍රථමයෙන් අභ්‍යවකාශයට ගිය මිනිසා
ඇමෙරිකාව විසින් ජීවියෙකු අභ්‍යවකාශය වෙත යවා නැවතත් නිරුපද්‍රිතව පෘථිවිය වෙත ගෙන්වා ගැනීමෙන් පසුව මිනිසෙකු අභ්‍යවකාශය වෙත යැවීම පිළිබඳව අදහස් ඉදිරිපත් වුණි. මේ සඳහා ඇමෙරිකාව මෙන්ම රුසියාවද ඉදිරිපත් වූයේ දැඩි උදේයාගයෙනි. එහෙත් එහි අවසාන ප්‍රතිඵලය වූයේ නැවත වරක් රුසියානු තාක්ෂණය හමුවේ ඇමෙරිකාව පරාජය වීමයි. තමන්ට පැමිණි සියලු බාධක ජය ගනිමින් ක්‍රිස්තු වර්ෂ 1961 අප්‍රේල් මස 12 වැනි දින රුසියානු ජාතික යූරි ගගාරින් අභ්‍යවකාශය කරා යවන ලදී. ඒ වොස්ටොක් -01 නමැති අභ්‍යවකාශ යානය උපකාරයෙනි. පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝ මීටර් 327 තරම් වූ ඈත අභ්‍යවකාශයේ කක්ෂගත වූ මෙම යානය එකල තිබූ තාක්ෂණය හා සසඳන කල අති සාර්ථක එකක් විය. අභ්‍යවකාශය තුළ පැය එකහමාරකට ආසන්න කාලයක් ගත කළ ගගාරින් නැවතත් නිරුපද්‍රිතව පෘථිවිය කරා පැමිණියේ අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා යන ගෞරව නාමය හිමිකර ගනිමිනි.
No comments:
Post a Comment