නව නිපැයුම් වෙනුවෙන් ජීවිතය අහිමි කර ගත් පුද්ගලයෝ
සමහර අවස්ථාවන්හි අත්හදා බැලීම් වැරදී යාම හෝ සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක නොවීම හේතුකොට ගෙන, අලුත් යමක් සොයා ගැනීමේ ක්‍රියාව බිහිසුණු ප්‍රතිඵල අත්කර දිය හැකිය. නව නිපැයුම් සොයාගන්නවුන්ගේ ජීවිත පහසු එකක් නොවේ යයි මා සඳහන් කරන්නේ එබැවිනි. නව සොයාගැනීම් සිදුකළ සමහර පුද්ගලයන් තම නිර්මාණය හේතු කොට ගෙනම මරණයට පත්වූ අවස්ථා පිළිබඳව ඉතිහාසයේ සඳහන් වෙයි. පහත දැක්වෙන්නේ එබඳු පුද්ගලයින් සත් දෙනකු පිළිබඳ කෙටි විස්තරයකි.
හෙන්රි ස්මොලින්ස්කි
මොහු වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. පියාසර කළ හැකි කාරයක් නිපදවීම අරමුණු කරගනිමින් තම රැකියාවෙන් ඉවත් වූ ඔහු “ඇඩ්වාන්ස්ඩ් වෙහිකල් ඉංජිනියර්ස්” නමින් තමාගේම සමාගමක් පටන් ගත්තේය. වර්ෂ 1973 දී එම සමාගම “ස්කයි මාස්ටර්” ගුවන් යානයක පසු කොටස “ෆෝඩ් පින්ටෝ” වර්ගයේ කාරයකට සවිකර ඔවුන්ගේ ප්‍රථම ගුවන් කාරය නිපදවීය.
ඊළඟ වසරේ මෙබඳු වාහන වෙළෙඳපොළට නිකුත් කිරීමට ස්මොලින්ස්කි බලාපොරොත්තු වුවද 1973 සැප් 11 වන දින එම ගුවන් කාරයේ අත්හදා බැලීමේ චාරිකාවකට ගුවන් නියමු හැරල්ඩ් බ්‍ලේක් හා සහභාගි වූ ඔහු ගුවනේදී කාරයට සවිකළ ගුවන් යානා තටුවක් ගැලවී යාම හේතු කොට ගෙන යානය කඩා වැටී සහයක ගුවන් නියමු බ්‍ලේක් සමගම මරුමුවට පත්විය.

ෆ්‍රාන්ස් රැචල්
ඕස්ට්‍රේලියාවේ උපත ලද ප්‍රංශ ජාතිකයෙකු වූ මොහු වෘත්තියෙන් සන්නාලියෙකි. ඔහු විවේක කාලය යොදා ගනු ලැබුවේ පැරෂුටයක් සේ ගුවනේ සිට මිහිමතට නිරුපද්‍රිතව පැමිණීමට පැළඳිය හැකි ඇඳුමක් නිර්මාණය කිරීමටය. 1903 ගුවන් යානා භාවිතය ආරම්භ වූ වසර බැවින් මේ වකවානුව, හදිසි අනතුරකදී ගුවන් නියමුවන් කෙසේ ආරක්ෂිතව යානයෙන් පැනගත හැකිද යන්න සොයා බලමින් සිටි කාලයකි. ෆ්‍රාන්ස් ඔහුගේ නිර්මාණය මිනිසුන් මෙන් සෑදූ ආකෘති වලට පළන්දා අත්හදා බැලුවේය. ඒවා බොහෝ දුරට සාර්ථක යයි පෙනී ගිය විට හෙතෙම අයිෆල් කුලුනෙහි පහත කොටසක සිට හිමෙන් වැසුණු මහපොළාවට පැන්නේය. අඩි 187ක උසක සිට පිනූ ඒ පිම්ම ඔහුට ක්ෂණික මරණයක් අත්කර දුන්නේය.

හොරේස් ලෝසන් හන්ලි
මොහු නීතිඥයකු මෙන්ම ලුයිසිසියානා ප්‍රාන්තයේ මන්ත්‍රීවරයකු ද විය. සබ්මැරීන් පිළිබඳව දැඩි ඇල්මක් හා උනන්දුවක් දැක්වූ හෙතෙම සිවිල් යුද්ධ සමයෙහි ලුසියිසියානා ප්‍රාන්ත රජයට විවිධ මාදිලියේ සබ්මැරීන 3ක් සැලසුම් කිරීමට හා නිෂ්පාදනය කිරීමට සහය විය. මෙයින් මුල් සබ්මැරීනය, නිව් ඕලීයන්ස් නගරය 1862 දී සතුරන් අතට පත්වූ අවස්ථාවේ ගිල්වා විනාශ කළ අතර දෙවන සබ්මැරීනය ඇලබාමා වල මොබයිල් බොක්කේදී ගිලී විනාශ විය. තුන්වන සබ්මැරීනය ඔහුගේම වියදමින් සෑදූ හන්ලි 1863 ඔක්. 15 වනදින තවත් නැවියන් 7 දෙනෙකු සමග චාල්ස්ටන් අසල මුහුදේ යාත්‍රා කරද්දී ගිලී යාමෙන් මරුමුවට පත්විය. එහෙත් මේ සබ්මැරීනය ආපසු සොයා ගත් රජය නව නාවික පිරිසක් සමග එය නැවතත් යුද කටයුතු සඳහා පිටත් කර හැරියේය. හන්ලි නමින්ම නම් කර තිබූ මෙම සබ්මැරීනය ලොව ප්‍රථම වරට නැවක් ගිල්වා මුහුදු බත් කළ සබ්මැරීනය වෙයි. එහෙත් එම පළමු සාර්ථක මෙහෙයුම අවසානයේ එහි වූ නැවියන් සියලු දෙනාටම මරු කැඳවමින් මුහුදු පත්ලට කිඳා බැස්සේය.

තෝමස් මිඩ්ලි ජූනියර්
මොහු ඉහළ පිළිගැනීමක් තිබුණු රසායන විද්‍යාඥයෙකි. වරක් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයම් සහිත ගැසොලීන් අත්වල තවරාගත් ඔහු ඒවා පිරුණු භාජනයකින් විනාඩියක කාලයක් නොකඩවා ඒවා ආඝ්‍රාණය කළේය. එසේ කළේ ඒ ඉන්ධනය මිනිස් සිරුරට හානිකර නැති බව පෙන්වීමටය. එහෙත් ඔහු ඊයම් විෂ වීමෙන් රෝගී විය. එහෙත් ඔහු මියගියේ ඒ හේතුව නිසා නොව, පුලියක් හා කඹයක් යොදා ගනිමින් තැනූ ඔහුගේ නව නිපැයුමක් හේතුවෙනි. පෝලියෝ රෝගියෙකු වූ ඔහුගේ ශරීරයට ආධාරකයක් සේ තැනූ මේ යන්ත්‍රයෙහි කඹ ඔහුගේ බෙල්‍ලේ හිරවීම නිසා 1944 නොවැ. 02 දින හුස්ම හිරවී මියගියේය.

මාරි කියුරි
මැය ලොව සුපතල භෞතික මෙන්ම රසායන විද්‍යාඥවරියකි. වරක් භෞතික විද්‍යාව සම්බන්ධයෙනුත් තවත් වරෙක රසායන විද්‍යාව සම්බන්ධයෙනුත් වශයෙන් ඇය දෙවරක්ම නොබෙල් ත්‍යාගයට හිමිකම් ලැබුවාය. රේඩියම් සොයාගනු ලැබුවේ ඇය විසිනි. එහෙත් අවාසනාවකට මෙන් ඇය අදූරදර්ශීව රේඩියම්වලට නිරාවරණය වීම හේතුවෙන් ඒප්ලාස්ටික් ඇනීමියා වැළඳී 1934 ජූලි 04 වන දින මියගියාය.

වැලේරියන් ඇබ්කොව්ස්කිඇබ්කොව්ස්කි රුසියානු ජාතිකයෙකි. නව සොයා ගැනීම් කෙරෙහි උනන්දුවක් දැක්වූ හෙතෙම වරක් අධිවේගී “එයරෝ වැගන්” දුම්රිය ඇන්ජිමක් නිර්මාණය කළේය. මෙම දුම්රියට ඔහු ගුවන් යානයක එන්ජිමක් හා තටුද යොදාගත්තේය. ඔහු එය නිර්මාණය කළේ සෝවියට් රජයේ නිලධාරීන් මොස්කව් වෙත හා මොස්කව් සිට පිට පළාත්වලට ප්‍රවාහනය කිරීම සඳහාය. ඇබ්කොව්ස්කි හා තවත් පස් දෙනකුගෙන් යුත් කණ්ඩායම අත්හදා බැලීම සඳහා මොස්කව් සිට පිටතට ගිය ගමන සාර්ථකව නිම කළද මොස්කව් දක්වා ආපසු එන ගමනේදී අනතුරට ලක්ව ඔවුන් සියලු දෙනාම මියගියහ. මියයන විට ඇබ්කොව්ස්කිගේ වයස අවු. 26කි.
පෙරිලස්
මොහු ග්‍රීසියේ ඇතෑන්ස් වල විසූ ලෝකඩ නිර්මාණකරුවෙකි. නව නිර්මාණ බිහි කළ වුන් අතරින් කුරිරු මරණයකට හිමිකම් කීම සුදුසු යැයි හැඟෙන තරමටම ම්‍ලේච්ඡ නිර්මාණයක් බිහි කළේ ඔහුය. වරක් ඔහු මරණීය දණ්ඩනයට නියම වන අපරාධකරුවන් දරුණු වධ හිංසාවට ලක් කොට මරණයට පත් කිරීමට අලුත් උපකරණයක් නිපදවීය. ඒ ඇතුළත හිස් කුහරයක් සහිත ගවයෙකුගේ ලෝකඩ පිළිරුවකි. මෙම ගවයා ඇතුළතට මරණ දඬුවමට නියම වූ සිරකරු දමා අගුලු ලා ඊට යටින් ගිනි දල්වයි. ලෝකඩ රත්වන විට ඒ වේදනාව ඉවසිය නොහී කෑගසන සිරකරුගේ විලාපය ගවයාගේ නාස් කුහර තුළින් පිටතට ගලා එන්නේ ගවයෙකු කෑ ගසන හඬට සමාන හඬකිනි. මේ අලුත් නිර්මාණය පෙරිලස් එවකට සිසිලියේ ඒකාධිපති පාලකයා වූ පලාරිස්ට හඳුන්වා දුන්නේය.
පලාරිස් ගවයාව නිර්මාණය කළ පෙරිලස්ව ගවයා තුළට දමා පිටතින් අගුලු ලා, යටින් ගිනි දල්වා මෙම නිර්මාණය අත්හදා බැලුවේය. පෙරිලස් ගවයා තුළම මියගියාද, නැතහොත් පිළිස්සී ගිය මරණාසන්න පෙරිලස්ව පලාරිස්ගේ භටයින් කඳුමුදුනින් පහළට විසි කළාද යන්න ඉතිහාසයේ පැහැදිලිව සඳහන් නොවෙතත් ඔහුගේ නව නිර්මාණයම ඔහුව මරණය කරා ගෙන ගිය බව නම් පැහැදිලිව දැක්වේ.

No comments:
Post a Comment