Monday, January 7, 2013

සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ

අනුරාධපුර රාජධානිය කතා

මෙරට ඉංගී‍්‍රසි පාලන අවධියේදී ථූපාරාමයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය  සංඝමිත්තා සොහොන ලෙසත් පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි එච්.සී.පී. බෙල් මෙන්ම ජේ.ජී. ස්මිතර් ද දක්වා ඇත. පසුගිය වසරේ නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපයටත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය සංරක්‍ෂණය කළ අනුරාධපුර පුරාවිද්‍යා අංශය එයට සංඝමිත්තා සොහොන යනුවෙන් නාම පුවරුවක් සවිකොට තිබුණි. එම ස්තූපය අනුලා මෙහෙණියගේ සොහොන ලෙස ද ජන ව්‍යවහාරයේ පැවති අයුරු වලිසිංහ හරිස්චන්ද්‍ර ද සඳහන් කර ඇත. ඉංගී‍්‍රසි අවධිය වනවිට මතුකරගෙන තිබූ ප‍්‍රථම  ස්තූපය සංඝමිත්තා සොහොන නොවන බව හා එය පදලස චේතියක් බව සනාථ කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා  යුනිවර්සිටි ඔෆ් සිලෝන් රිවිච් සඟරාවට අගනා ලිපියක් සපයා තිබුණි.

Sunday, January 6, 2013

අපේ විශිෂ්ට ඉතිහාසය

අපේ විශිෂ්ට ඉතිහාසයට සම්බන්ධ ඡායාරුප කිහිපයක් පමණි....

යාපහුව රාජධානිය



















Saturday, January 5, 2013

යූරි ගගාරින්


ප්‍රථමයෙන් අභ්‍යවකාශයට ගිය මිනිසා

05-1ඇමෙරිකාව විසින් ජීවියෙකු අභ්‍යවකාශය වෙත යවා නැවතත් නිරුපද්‍රිතව පෘථිවිය වෙත ගෙන්වා ගැනීමෙන් පසුව මිනිසෙකු අභ්‍යවකාශය වෙත යැවීම පිළිබඳව  අදහස් ඉදිරිපත් වුණි. මේ සඳහා ඇමෙරිකාව  මෙන්ම රුසියාවද ඉදිරිපත් වූයේ දැඩි උදේ‍යාගයෙනි.  එහෙත් එහි අවසාන ප්‍රතිඵලය වූයේ නැවත  වරක් රුසියානු  තාක්ෂණය හමුවේ ඇමෙරිකාව පරාජය  වීමයි.  තමන්ට පැමිණි සියලු බාධක ජය ගනිමින් ක්‍රිස්තු වර්ෂ 1961 අප්‍රේල් මස 12 වැනි දින රුසියානු  ජාතික යූරි ගගාරින් අභ්‍යවකාශය කරා යවන ලදී. ඒ වොස්ටොක් -01 නමැති අභ්‍යවකාශ යානය උපකාරයෙනි. පෘථිවි පෘෂ්ඨයේ  සිට කිලෝ මීටර් 327 තරම් වූ  ඈත   අභ්‍යවකාශයේ කක්ෂගත වූ මෙම යානය එකල තිබූ  තාක්ෂණය හා සසඳන කල අති සාර්ථක  එකක් විය. අභ්‍යවකාශය තුළ පැය  එකහමාරකට ආසන්න කාලයක් ගත කළ ගගාරින් නැවතත් නිරුපද්‍රිතව පෘථිවිය කරා පැමිණියේ අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා යන ගෞරව නාමය හිමිකර ගනිමිනි.