Friday, December 7, 2012

මිනිසා සහ සොභාදහම

ස්වභාදහම පුදුමාකාරයි. හැමෝම එහෙම කියනවා. ඒත් ඔවුන් එහෙම කියන්නේ අවංකවමද? සොභාදහමේ නිර්මාණයක් තමයි ශාක සහ සතුන්. ශාක වල ගෙඩි හටගන්නවා. ඒ ගෙඩි වල ඇට තියනවා. ඒ ඇට ප්‍රචාරණය වෙන්න සත්තු උදවු වෙනවා.එතන තියනවා ශාක සහ සත්තු අතර සම්බන්ධයක්. ශාක වල ඵල සත්තු ආහාරයට අරගෙන බඩපුරවගන්නවා. ඒ එක්කම එම සත්තු ඵල ආහාරයට ගනිද්දී ඒවා වල ඇටත් නොදැනුවත්වම ආහාරයට ගන්නවා. සතා පරිවුර්තිය ක්‍රියා කරද්දී එම ඇට එලියට ඇවිල්ල මුල් ශාකයට ගොඩාක් ඈත තැනක එම මුල් ශාකයේම පැටියෙක් හැදෙනවා. ශාක අලංකාරයට ලස්සනට රසවත් ඵල ආදාරයෙන් සත්තුන්ව රවට්ටලා වැඩේ කරගන්නවා. ශාක වලට සාපේක්ෂව එය රැවටීමක් උවත් සත්තුන්ට සාපේක්ෂව නම් එහෙම නැහැ. සත්තුන්ට ඒක ජීවත් වීමට උපකාරයක්. මේ ඔක්කොම සොභාදහමේ නිර්මාණ.

සත්තුන්ගේ ප්‍රජනක ක්‍රියාව ගත්තහම බල්ලෝ බළල්ලු පවා ඒකට කැමතියි. ඒක වේදනාකාරී අප්‍රියජනක දෙයක්නම් ඒ වැඩේ සත්තු කරන්නේ නැහැනේ. සොභාදහම කළේ එක දෙයයි ඒ හැමවෙලාවෙම, පොඩි වින්දනයක් දීලා විශාල වැඩ කොටසක් කර ගැනීම. බලන්න සොභාදහම කොච්චර දුර හිතල තියෙනවද කියල. මේ ඔක්කොම සොබාදහමේ සැලසුම්. මේ හැම එකක්ම මතුපිටින් සරලයි. එතකොට ප්‍රශ්නය මේකයි. සොබාදහම මිනිසාවත් නිර්මාණය කළා. මිනිසා සොබාදහම විනාශ කරනවාලු. බලපුවහම මතුපිටින් පේනවා ඒ විදියට. ඒ කියන්නේ මිනිසා යනු සොබාදහමේ අසාර්ථක පර්යේෂනයක්ද?බලන්න ඉහත හැම අවස්ථාවකදීම සොබාදහම කළේ පොඩි වින්දනයක් දීල ලොකු වැඩක් කර ගැනීම. ප්‍රශ්නය තමයි, මිනිසාට මෙච්චර ලොකු අවස්ථාවක් දීල සොබාදහම මොනව බලාපොරොත්තු වෙනවා ඇත්ද? සොබාදහමට අභියෝගයක් වන තවත් එවැනිම බලවේගයකට එරෙහිව සටන් කිරීමට සොබාදහම මිනිසා නිපද වූ වාද? එසේ නම් මිනිසා යුදභටයෙක් පමණක්ද?


No comments:

Post a Comment