Tuesday, December 4, 2012

METER RULER


මිනුම් උපකරණයෙන් මිනුම් ගැනීමේදී සිදුවිය හැකි උපරිම වරද = මිනුම් උපකරණයක කුඩාම මිනුම   

මිනුමක ප්‍රතිෂතදෝශය  =          කුඩාම මිනුම  x 100%
    (Error Percentage)              ලද නිරවද්‍ය පාටංකය

මිනුමක භාගික දෝෂය =                   කුඩාම මිනුම      
                                                   ලද නිරවද්‍ය පාටංකය


පරිමාව මැනීමේදී සිදුවන ප්‍රතිශත දෝෂය



දිග මැනීමේදී සිදුවන ප්‍රතිශත දෝෂය        =   x   =         කුඩාම මිනුම  x 100%
               ලද නිරවද්‍ය පාටංකය

පළල මැනීමේදී සිදුවන ප්‍රතිශත දෝෂය    =   y


උස මැනීමේදී සිදුවන ප්‍රතිශත දෝෂය        z


පරිමාව මැනීමේදී සිදුවන ප්‍රතිශත දෝෂය = x + y + z


මීටර් කෝදුව මගින් ගනු ලබන දිගෙහි මිනුම්

මීටර් කෝදුව තිරස්ව තබා...




මෙහිදී සිදුවන්නේ P සලකුණ සමග පරිමාණය ස්පර්ශ නොවීම නිසා (මිනුම් පටියේ ඝනකම නිසා) ඇසේ අසම්පාත දෝෂයට ලක්වීමයි.
C  <  නිවැරදි මීටර් කෝදු කියවීම (12)
A  =  නිවැරදි මීටර් කෝදු කියවීම (12)
B  >  නිවැරදි මීටර් කෝදු කියවීම (12)



මීටර් කෝදුව සිරස්ව තබා...

C  =  නිවැරදි මීටර් කෝදු කියවීම (12)
A  =  නිවැරදි මීටර් කෝදු කියවීම (12)
B  =  නිවැරදි මීටර් කෝදු කියවීම (12)



C  =  නිවැරදි මීටර් කෝදු කියවීම (73)
A  =  නිවැරදි මීටර් කෝදු කියවීම (73)
B  =  නිවැරදි මීටර් කෝදු කියවීම (73)

මෙහිදී සලකුණ සමග මීටර් කොදුවේ පරිමාණය ස්පර්ශවීම මගින් අසම්පාත දෝෂය අවම වේ.

එම නිසා PQ දිග...
PQ = 73cm - 12cm = 61cm


අමතර කරුණු...

                                                                 1.1 රුපය

රුපයේ (1.1 රුපය) පරිදි මීටර් කෝදුවල (ලී) ක්‍රමාංකනයකර ඇත්තේ දෙකෙළවර සිට නොව මදක් ඊට ඇතුලත සිටය. (කෙලවර කැඩී, ගෙවී යා හැකි බැවිනි.)




                                                                    1.2 රුපය

1.2 රුපය පරිදි මීටර් කෝදුවෙන් තරමක් දිග (1m<) මිනුම් ගැනීමේදී මීටර් කෝදුව කිහිපවතාවක් චලනය කලයුතු බැවින් ඇතිවන  අවිනිශ්චිතතාවය නිසා ලද පාටංකය දෝෂ සහිත විය හැකිය.
මේ නිසා ඒ සදහා මිනුම් පටිය වඩාත්ම සුදුසු වේ.




                                                                              1.3 රුපය 

1.3 රුපයේ පරිදි ප්ලාස්ට්ක් මීටර් කෝදු වල පරිමාණ මිනුම් ගන්නා ලක්ෂ හා ස්පර්ශ කිරීමට දෙකෙළවර හීනි කර තිබේ. කෝදුව ශක්තිමත් කිරීමට මැද කොටස මහත් කර තිබේ.

ලෝහ කෝදුව ඉතාම තුනී නිසා පරිමාණ මිනුම් ගන්නා ලක්ෂ සමග හොදින් ස්පර්ශ වේ. තවද ශක්තිමත් බවින්ද යුක්තවේ. එමනිසා plastic, wooden හා metal කෝදු වලින් metal කෝදු වඩා හොද කෝදු ලෙස සැලකිය හැකිය.

No comments:

Post a Comment