මීට වර්ෂ ගණනාවකට පෙර පැවති දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සෝවියට් රුසියාව සමග හොඳටම නොරොක් වී සිටියේය. රොකට් බෝම්බ උපකාරී කර ගනිමින් තම සතුරාට පහර දුන් ඔවුන් රොකට් තාක්ෂණය ක්‍රම ක්‍රමයෙන් දියුණු කිරීමට කටයුතු කරන ලදී.
අභ්‍යවකාශ තරණය මේ කාලය තුළ වැඩි වැඩියෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. මේ නිසා ලොව ධනවත් යැයි සැලකෙන රටවල් කිහිපයක්ම අභ්‍යවකාශ තරණය සඳහා වෙර දරමින් සිටියේය. සෝවියට් රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය මේ අතරින් ප්‍රධාන විය. එකල ලොව බලවතා වීම සඳහා අභ්‍යවකාශ තරණය ප්‍රධාන අවශ්‍යතාවයක් වී තිබුණු නිසා මෙම රටවල් දෙක අතර අභ්‍යවකාශ යානා තරගයක් ඇතිවිය. ඔවුන් දෙපිරිස අතර ඇතිවූ මෙම තරගය හේතුවෙන් අභ්‍යවකාශ තරණය සඳහා මිනිසා වඩාත් ඉක්මන් වූවා යැයි කිව හැකිය.
එකල තාක්ෂණය අතින් තරමක් දියුණු මට්ටමක සිටි ඇමෙරිකාව හා රුසියාව අතර පැවැති අභ්‍යවකාශ තරගයේ අවසන් ප්‍රතිඵලය වූයේ රුසියාවට ජය හිමි වීමයි. ඒ ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව ලෙස සැලකෙන ස්පුට්නික්-1 අභ්‍යවකාශගත කිරීමෙනි. ක්‍රිස්තු වර්ෂ 1957 දී ගුවන් ගත කරන ලද මෙම චන්ද්‍රිකාව සඳහා බලය ලබා දුන්නේ අ-7 නමින් හැඳින් වූ ද්‍රව ඉන්ධන රොකට්ටුව මගිනි.

No comments:
Post a Comment