මතභේදයට තුඩු දුන් අබිරහස් සොහොන් බිම්
වර්ජිනා - ග්‍රීසිය
ආදි මැසිඩෝනියාවේ අයිගියා අගනුවරින් සොයා ගන්නා ලද සොහොන තිස්වසරක කාලයක් මුළුල්‍ලේ තියුණු විවාදයන්ට තුඩු දුන් මාතෘකාවක් බවට පත්ව තිබේ. මෘත සිරුර සම්බන්ධයෙන් පැන නැගී ඇති උභතෝකෝටික ගැටලුවක් වනුයේ එය මහා ඇලෙක්සැන්ඩර් රජුගේ පියා වූ II වන පිලිප් රජුගේද නැතහොත් ඇලෙක්සැන්ඩර් රජුගේ ඊර්ෂ්‍යා සහගත මව වූ “ඔලිම්පියා විසින් බාල වියේදීම විෂ කැවීමෙන් දුර්වල තත්ත්වයට පත් කළ III වන පිලිප් රජුගේද යන්න නිර්ණය කර ගැනීමට නොහැකිවීමයි. මීට හේතුව නම් මෘතෘ සිරුරෙන් හා සොහොන් ගැබේ නිදන් කොට තිබූ මිහිදන් වස්තුවල වයස අතර පවතින නොගැළපීමයි. මිහිදන් වස්තු II වන පිලිප් රජුගේ මරණයෙන් (ක්‍රි.පූ. 336 දී) පරම්පරා ගණනකට පසු වයසක් එනම් ක්‍රි. පූ. 316 වකවානුවට අයත් බව හෙළි වී ඇති නමුදු, ඇටසැකිල්‍ලේ හිස් කබල ආශ්‍රයෙන් එහි හිමිකරුවාගේ මුහුණ ප්‍රතිනිර්මාණය කළ විට ඉන් මෙතෝන්හි II වන පිලිප් රජු විසින් ක්‍රි. පූ. 355 දී ලද තුවාලයක සලකුණු නිරූපණය කිරීම මීට හේතුවයි. එබඳු දරුණු තුවාලයක් දුර්වල තත්ත්වයේ සිටි III වන පිලිප් විසින් ලද බව සිතීම පවා උගහට වීම නිසා මෘත සිරුරේ අනන්‍යතාව මේ වන තෙක් තහවුරු කර ගැනීමට හැකි වී නැත.

ග්ලැස්ටන්බරි තාපසාරාමය
ජනප්‍රවාදයේ එන ආකාරයට බ්‍රිතාන්‍යයේ ආතර් රජු මොඩ්රඩ් අතින් තුවාල ලැබිමෙන් පසුව ගඟ තරණය කොට ඇවලොන් දූපත් කරා ගෙන ගොස් ඇත්තේ ග්ලැස්ටන්බරි තාපසාරාමයේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහායි. පසුකාලීන ආදී වේල්සයේ වන්දිභට්ටයෙකු විසින් ප්‍රකාශ කර ඇත්තේ නයිට්වරුන්ගේ වට මේසය බිහි කිරීමේ පුරෝගාමියා වූ ආතර් රජු ග්ලැස්ටන්බරීහිදී වළලද බවකි.
ක්‍රි.ව. 1911 දී ආතර් රජුගේ සොහොන පිහිටි බවට සැක කෙරෙන ස්ථානය කැණීමකට ලක් කළ පූජක පිරිසකට “His iacet Inclitus Arturius in insule Avelonie” යනුවෙන් කොටන ලද ඊයම් කුරුසියක් හමු වී තිබේ. ඉන් කියැවෙන දෙයෙහි අර්ථය නම් “ඇවුලොන්හි මිහිදන් කරන ලද ආතර් රජු මෙහි සැතපෙන්නේය.” යන්නයි. මිනි පෙට්ටිය තුළ මෘත සිරුරු ද්විත්වයක් තිබි ඇති අතර, එහි වූ කාන්තා සිරුර “ගුයින්මියර්” නැමැත්තියගෙ බව විශ්වාස කෙරේ. කෙසේ නමුදු ක්‍රි. ව. 1539 දී දේවස්ථානය විනාශ වී යාමත් සමග මෘත සිරුරුද සදහටම වැළලී ගොස් ඇත්තේ ආතර් රජුගේ පුරාවෘත්තය පිළිබඳ කිසිදු භෞතික සාක්ෂියක් ඉතිරි නොකරමිනි.

රෙනෙස් ලේ මාලිගය
ප්‍රංශයේ රෙනෙස් ලේ ගම්මානයේ පිහිටි මෙම මනබඳනා සුළු පෞරාණික මාලිගය වටා ගෙතුණු ජනප්‍රවාද රාශියකි. ඒවායින් සියෝන් හි තාපසාරාමය, දිළිඳු නයිට්වරු (Knights Templar) පුරාණ මෙරොවින්ගියන් රජවරු, මරියමග්දලේනා වැන්නවුන් පිළිබඳ පමණක් නොව, ක්‍රිස්තුන් වහන්සේගේ සොහොන් ගැබ පිහිටි ස්ථානය පිළිබඳද විවිධ හෙළිදරව් කිරීම් සිදු කෙරේ. මෙම ජනප්‍රවාද අතර පෙරමුණ ගන්නේ මාලිගය ඉදිකිරීමේදී ධනවත් පූජකයෙකු විසින් සොයා ගන්නා ලද බව කියැවෙන පදක්කමක් පිළිබඳ කතාවයි. ෆ්‍රෑන්ක් මිලියන විසිතුනක පිරිවැයක් දරමින් “ප්‍රංසුවා සවුනියර්” නමැති පූජකයා විසින් මෙම මාලිගයේ ඉදි කිරීම් කටයුතු සිදු කරත්දී ඔහුට පැරණි ලිපි කීපයක් හා තනි අසෙකු පිට යන නයිට්වරු දෙදෙනෙකු නිරූපණය කෙරෙන පදක්කමක්ද (මෙම රූපය දිළිඳු නයිට්වරුන්ගේ ලාංඡනයයි) හමු වී ඇති අතර බොහෝ දෙනෙකු විශ්වාස කරනුයේ , මෙම පදක්කම දේවස්ථානයේ අල්තාරය යට පිහිටි මුද්‍රා තබන ලද සොහොන් ගැබට ඇතුළු වීමට ආධාරවන්නක් බවයි. සොහොනේ අන්තර්ගතයත් එහි මිහිදන් කොට ඇත්තේ කවුද යන්නත් මතෛක් හෙළි වී නොමැත.

ගෝර්ඩියම් තුර්කිය
ග්‍රීක ජනකතාවල එන ඇල්ලූ සියල්ල රන් බවට පත් කිරීමේ අපූරු හැකියාවකින් යුතු මිඩාස් රජුගේ නමින් නම් කරන ලද ගෝර්ඩියම් සොහොන එනමින් නම් කිරීමට පුරාවිද්‍යාඥයින් පෙළඹවූ හේතුව වනුයේ සොහොනේ තිබි සොයා ගන්නා ලද මැටි භාණ්ඩ හා සෙසු කෞතුක වස්තු මිඩාස් රජු විසූ කාලයේ බවට සැලකෙන
ක්‍රි. පූ. 8 වන සියවසට අයත් වීමයි. ක්‍රිමේරියානුවන් විසින් ක්‍රි.පූ. 710 දී “ෆ්‍රී ශ්‍රී යාව” ආක්‍රමණය කොට එහි පාලනය අත්පත් කර ගැනීමට පෙර එහි රජකම් කරන ලද්දේ “මිඩෝස්” ලෙස හැඳින්වෙන රජෙකු වීම නිසා ග්‍රීක ජනප්‍රවාදයේ එන “මිඩාස්” හා “මිඩෝස්” යනු එක් අයෙකු බවට විශ්වාසයක් ගොඩනැගී තිබේ.

ඊසානදිග මොංගෝලියාව
මුඛ පරම්පරා ගතව ජනප්‍රවාදයේ පැවත එනුයේ මොංගෝලියාවේ සිටි අති දරුණු ඒකාධිපති පාලකයෙකු වූ “ගෙන්ගිස් කාන්” මිහිදන් කරන ලද්දේ කිසිවෙකුට කිසිදා සොයා ගැනීමට නොහැකි ස්ථානයක බවය. ඔහුගේ දෙන රැගෙන ගිය අවමංගල්‍යය පෙරහර ඉදිරියට අහම්බෙන් හෝ ඒමට යෙදුණු ඕනෑම අයෙකුට
ක්ෂණික මරණය හිමි වූ අතර, දෙන සොහොන කරා ගෙනයන අශ්වාරෝහකයින්ද, එමතුදු නොව, සොහොන් ගැබ කණින ලද කම්කරුවන්ද මරණයට පත් කරන ලද්දේ ගෙන්ගිස් ඛාන්ගේ අවසන් විවේකස්ථානය සදාකාලික රහසක් ලෙස පවත්වා ගැනීමට පැවති අවශ්‍යතාවය නිසයි. “මොංගෝලියාවේ “ඕර්ඩෝස්” සානුවේ පිහිටි ඔහුගේ මන්දිරයේද සොහොන් ගැබක් පිහිටියද, එහි මිහිදන් කොට ඇත්තේ ඔහුගේ පෞද්ගලික බඩුබාහිරාදිය පමණි. නවීන තාක්ෂණය භාවිතයෙන් මෙම කුරිරු පාලකයාගේ සොහොන් ගැබ සොයා පුළුල් මෙහෙයුම සිදු කෙරෙමින් පවතිනුයේ, ඔහුගේ මෘත සිරුර සමග ඔහු විසින් එකල පැවති බලගතුම අධිරාජ්‍යයන්ගෙන් කොල්ල කා ගන්නා ලද බව කියැවෙන සුවිසල් ධනස්කන්දයෙන් කොටසක හෝ ඒ සමග නිදන් කොට ඇති බවට වන විශ්වාසය නිසයි.

ඊජිප්තු පාරාවෝ නිම්නය
ඊජිප්තු පාරාවෝවරුන්ගේ සොහොන් ගැබ් පිළිබඳ පුවත්, නිබඳව කුතුහලය කැටි වූ මාතෘකාවන් ලෙස සැලකුණද ඒ අතරින්ද වඩාත්ම අබිරහස්මය බවක් පළ කරන්නාවූ සොහොන් ගැබක් ලෙස ක්‍රි. ව. 1907 දී අනාවරණය කර ගන්නා ලද 55 වන සොහොන් ගැබ හැඳින් විය හැක. දැවයෙන් කරන ලද පුදසුන මත පැහැදිලිව
“අන්කාටන්” රජුගේ නම කොටා තිබෙනු දැක ගත හැකි අතර සොහොන් ගැබ අන්කාටන්ගේ මව වූ “ටියො” වෙනුවෙන් ඉදිකරන ලද්දක් බව පැහැදිලිව දැක ගත හැකි වුවද, එහි පිහිටි මිනීපෙට්ටියේ වෙනස්කම් සිදු කර ඇත්තේ පුරුෂ දේහයක් එහි බහාලීම සඳහාය. කාන්තාවක වෙනුවෙන් තනන ලද මිනී පෙට්ටියේ පසුව පුරුෂයෙකු වෙනුවෙන් වෙනස්කම් සිදු කර ඇත්තේ ඊට යටි රැවුලක් එකතු කිරීමෛනි. එහි වූ රත්‍රං මුහුණු ආවරණයද ඕනෑකමින් බිඳ දමා ඇත්තේ දේහයේ හිමිකරුවාගේ අනන්‍යතාව සැඟවීම උදෙසාය. එය සාර්ථක වූ බව පෙනී යන්නේ ඩී.එන්.ඒ. පරීක්ෂණ වැනි නූතන තාක්ෂණ විධි අනුසාරයෙන් වුවද අද දක්වා එහි අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිව ඇති හෙයිනි.

ගල්වටය (Stonehenge) බ්‍රිතාන්‍යය
කුමක් අරබයා කවරකු විසින් ඉදි කරන ලද්දේද යන්න තවමත් අබිරහසක් වන ගල් වටයේ මෑතකදී සිදු කරන ලද විකිරණශීලී කාබන් දිනයක
පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ එය ඉදි කෙරුනු කාලයේ සිට (ක්‍රි. පූ. 3000) එය රාජකීයන්ගේ භෂ්මාවශේෂ මිහිදන් කිරීමට යොදා ගන්නට ඇති බවකි. වසර පන්සියයක කාලයක් පුරා එබඳු ආදාහනමය අවමංගල්‍ය උත්සවයන් දෙසිය හතළිහක් පමණ සිදු කෙරී ඇති බවට විශ්වාස කෙරේ.

නෝර්වේ
නෝර්වේ හි පිහිටි ශා. නිකලස්තුමන්ගේ දේවස්ථාන භූමියේ වූ රෝස පඳුරක් යට සිදු කළ කැණීමකදී සොයා ගන්නා ලද වයිකිංවරුන් සිටි යුගයට අයත් ඇටසැකිල්‍ලේ ගෙල පෙදෙසේ පිටුපසට වන්නට අස්ථියක පිහිටි අසාමාන්‍යතාව මතෛක් විසූ එකම එක් ජනකොට්ඨාසයකට පමණක් සීමා වූවකි. ඒ පේරුහි විසූ ඉන්කාවරුය. නෝර්වේජියානුවන් අතර කිසිසේත් හමු නොවන මෙම අස්ථි සැකැස්ම අයත් ඉන්කාවරයෙකුගේ ඇට සැකිල්ලක් ඔවුන්ගේ නිජබිමින් මෙතරම් දුරස්ව පිහිටි භූමි ප්‍රදේශයකින් හමු වන්නේ කෙසේද යන්න අදටද නොවිසඳුණු අබිරහසකි.

ඇල්ප්ස් කඳු (ඕස්ට්‍රියානු ඉතාලි දේශසීමාව)
ඇල්ප්ස් කඳු අතරින් ශීතල හිමේ මිහිදන්ව තිබියදී 1951 දී සොයා ගන්නා ලද මීට වසර පන් දහස් තුන්සියයකට පෙර විසූ ඔට්සි මානවයාගේ මමිකරණයට ලක්වූ සිරුර ද නොවිසඳුනු ගැටලු රාශියකට මුල පුරන ලද සොයා ගැනීමක් විය. තඹ යුගයේදී විසු යුරෝපීයන් පිළිබඳ වැදගත් කරුණු රාශියක් ඔට්සි සිරුරෙන් හෙළි වුවද, ඔහුගේ මරණයට හේතුව (ඔහු සතුව පිහියේ තිබි පුද්ගලයන් සිව් දෙනෙකුට අයත් රුධිරය සොයා ගනු ලැබිණි.) එය මිනිමැරුමක්ද, නැතහොත් සතුරන් සමග ඇති වූ ගැටුමකදී සිදුවූ මරණයක්ද යන්න හෙළි කර ගැනීමට හැකි වී නොමැත.

No comments:
Post a Comment